බල්ලොත් එක්ක නිදාගත් විට මැක්කන් සමඟ නැගිටීමට සිදුවන බව එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහතා පවසයි. 

තමන් කළ විශාලතම වැරැද්ද බල්ලොත් එක්ක සිටීම බව අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂයට සිදු කරන ලද දේවල් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කතිකාවකට හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට තමන් ආරාධනා කරන බවත්, එජාපයට ඔහු සිදුකළ දේවල් සම්බන්ධයෙන් එම අවස්ථාවේදී තමන් ප්‍රකාශ කරන බවත් හෙතෙම එම අවස්ථාවේදී පැවසීය. 

දයාසිරි ජයසේකර මහතාට අහිංසක මුහුණක්, දක්ෂ කතිකත්වයක් සහ ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබූ හෙයින් ඔහුට ජනතාව ඡන්දය දුන් බව ගමගේ මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.
Read More »

Read More »

Read More »

Read More »


Read More »

Read More »

Read More »

Image Crunch